615
කුරුදුවත්ත පොලිස් වසමේ දී ඊයේ(05) සිදු වූ මාරක අනතුරකින් මිය ගිය ආධුනික පොලිස් කොස්තාපල් අගම්පොඩිගේ මනෝජ් ප්‍රියංකර නිලධාරියා පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් නිලයට උසස් කර ඇත.
පශ්චාත් උසස්වීම් පදනම යටතේ අද(06) සිට පොලිස්පතිවරයා විසින් මෙම උසස් වීම සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
කොළඹ රථවාහන කොට්ඨාසයට අනුයුක්තව කුරුදුවත්ත පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී යොදවා සිටිය දී ඊයේ සිදු වූ අනතුරකින් මෙම පොලිස් නිලධාරිය ජීවිතක්‍ෂයට පත්විය.