835
කොල්ලුපිටිය ලීබර්ටි වටරවුම අසලදී අද (06) උදෑසන බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් ලබා දී ඇත.
එම උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනයක මහතා විසින් ප්‍රවාහන අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය වෙත ඒ බව දැනුම්දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.