කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ.
මෙම අනතුරින් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම අනතුර සම්බන්ධයෙන් රථය පැදවූ 27 හැවිරිදි නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි කොළඹ පුද්ගලික ආයතනයක තාක්ෂණික ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන අයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුගේ පියා වසර ගණනාවකට පෙර එවකට හිටපු පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් මත ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස ස්වේච්චාවෙන් පොලිස් රෝහලේ සේවය කර ඇති බව පොලීසිය සදහන් කරයි. එහිදී එම වෛද්‍යවරයාට උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලය ලබාදී ඇත.
කෙසේවෙතත් මෙම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට පෙර පොලිස් රෝහලේ සේවයෙන් ඉවත්වී ඇති බවද පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.