2023 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්න රුපියල් මිලයන 10ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.
වසර 21කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කරමින් මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර 2023 වසරේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරි තරුෂි කරුණාරත්න විනාඩි 2:00:06කින් එම ඉසව්ව නිමා කරමින් ආසියානු වාර්තාවක් සහ ජාතික වාර්තාවක් ද පිහිටුවීය.
තරුෂි කරුණාරත්න 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මීටර් 400 සහ මීටර් 800 ඉසව් දෙකෙහිම වාර්තාවට හිමිකම් කියන අතර ඉසව් දෙකෙහිම රන් පදක්කම්ලාභිනිය විය. ඇය 2019 ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේදී මීටර් 800 ඉසව්වේ වාර්තාවට ද හිමිකම් කියන අතර මීටර් 400 සහ මීටර් 800 ඉසව් දෙකෙහිම රන් පදක්කම්ලාභිනිය ද වේ.
ඇය 2019 වසරේ පැවති පළාත් තරගාවලියේදී අවුරුදු 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.