වැඩිහිටි දිනය මුල්කරගනිමින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කුසලතා සහ හැකියාවන් අගය කරනු පිණිස, පැවැත්වූ ගායන, වාදන තරගාවලියේදී, හෝමාගම ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජික ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ජයග්‍රහණ රැසක් හිමිවිය.
මෙහිදී කොළඹ දිස්ත්‍රික් නර්තන තරගාවලියේ සාම්ප්‍රදායික නර්තන අංශයේ ප්‍රථම ස්ථානයත්, නිර්මාණ නර්තන ඉසව්වෙන් 02 ස්ථානයත්, බංකු රබන් තරඟ ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත්, වැඩිහිටි සමූහ ගායනා ඉසව්වෙන් 02 ස්ථානයත්, හෝමාගම වැඩිහිටි බලමණ්ඩල සාමාජිකයන් දිනා ගන්නා ලදී.
මෙම ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පුහුණු කටයුතු සඳහා විශාරද සුජානි හෙට්ටිආරච්චි මහත්මිය සහ නර්තනාචාර්යවරුන් විසින් සම්පත් දායකත්වය ලබාදී තිබුණි.
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම තරගාවලිය සඳහා හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී. ඒ. ඩී. චින්තක මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, සම්බන්ධීකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය විසින් සිදු කෙරුණි.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ