Sunday, April 20, 2025
Home » කොළොන්නාවේ වයස්ගතම මාතාවට ගමෙන් උපහාර

කොළොන්නාවේ වයස්ගතම මාතාවට ගමෙන් උපහාර

-වයස අවුරුදු 106යි උපහාර වේදිකාවෙත් නටයි

by sachintha
October 5, 2023 1:01 am 0 comment

කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වයස්ගතම තැනැත්තිය වන හිඹුටාන පටුමගේ පදිංචි උම්මු සහිරා මහත්මිය ජ්‍යෙෂ්ඨ පුරවැසි උපහාර උලෙළේදී පිදුම් ලැබුවාය. මේ වන විට ඇයට අවුරුදු 106යි මාස 06කි.
පෑල විය නම් මෙම උත්සවය අංගොඩ සුමිතුරු පරිසර සංසදය සහ කොටිකාවත්ත එක්සලන්ට් සිංහ සමාජය මඟින් සංවිධානය කර තිබුණි.
උම්මු සහිරා මහත්මිය වියපත් වුව ද තවමත් තමාගේ සියලු වැඩ කටයුතු තමා විසින්ම කරගනු ලබන අතර, සිය දරු මුණුබුරන්ගේ වැඩ කටයුතුවලට ද උදවු පදවු කරන්නීය.
සිය දියණියක වන මිසිලියා මහත්මිය (76)ගේ නිවෙසේ දිවි ගෙවන ඇය තරුණ කාලයේදී ගීත ගායනයට ද නර්තනයට දස්කම් දැක්වූ අතර, දැනට ද නි‍ෙවසේ සිටින විට නර්තනයේ යෙදෙන බව ද මිසිලියා පැවසුවාය.
කොළොන්නාව ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා වෙතින් ඇය උපහාර තිළිණය ලබා ගත්තාය.
උත්සවයේදී මන්ත්‍රීවරයා ගීත කිහිපයක් ද ගායනය කළ අතර උම්මු සහිරා ද වේදිකාව මතට ගොඩවී අනෙකුත් වැඩිහිටියන් සමඟ එම ගීත නාදයට නර්තනයේ යෙදුණාය.
මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT