Home » පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර දීම ලාභදායී නිසා ලිනැක් නම් උපකරණය භාවිත කරන්න -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර දීම ලාභදායී නිසා ලිනැක් නම් උපකරණය භාවිත කරන්න -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
October 5, 2023 1:01 am 0 comment

වසරකට පිළිකා රෝගීන් 30000ක් බිහිවන බවත් ඔවුන්ට විකිරණ ප්‍රතිකාර ලබා දීම ලාභදායී බැවින් ඒ සඳහා ලිනැක් නම් වූ උපකරණය භාවිත කරන ලෙස ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කෙළේය.

ලිනැක් උපකරණය වෙනුවට අප රටේ ක්‍රියාත්මක වන්නේ කෝබෝල්ඩ් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බවත් එය විදෙස් රටවල සතුන්ගේ පිළිකා තත්ත්ව සඳහාවත් යොදා නොගන්නා බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

යාපනය, මඩකලපුව, මහනුවර හා කරාපිටිය යන රොහල්වලට ලබා දී ඇති බවත් එම යන්ත්‍ර බදුල්ල, රත්නපුර, කුරුණෑගල, අනුරාධපුර, හම්බන්තොට ආදී දෙවැනි වටයේ රෝහල්වලට ලබා දීමට ඩොලර් මිලියන 2ක් වැය වන නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින් පිරිසක් කෝබෝල්ඩ් යන්ත්‍ර දිගටම පවත්වා ගැනීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හේතුවෙන් ලිනැක් යන්ත්‍රයකට වැයවන මුදලින් හරි අඩක් වියදම් කර යල්පැනගිය විදෙස්රටවල සතුන්ට පවා යොදා නොගන්නා යන්ත්‍ර ගෙන්වීමට උත්සාහ දරන බවත් යල්පැන ගිය යන්ත්‍ර වෙනුවට ලිනැක් යන්ත්‍රය භාවිත කරන ලෙස ද ඉල්ලා සිටියේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT