මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් කරමින් සිටි මෝටර් රථය මතට මුදල් ගෙවීමේ ස්ථානයේ ඇති ගේට්ටුව වැටීම සම්බන්ධයෙන් ප්‍රභූ ආරක්ෂක අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊට හේතු වී ඇත්තේ ඊට පෙර අවස්ථාවකදීත් මෙවැනිම සිදුවීමක් වීම බව ප්‍රභූ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. එම අවස්ථා දෙකේදීම එම මුදල් ගෙවීමේ කවුන්ටරයේ සිටියේ එකම නිලධාරියෙක්ද?, නැතිනම් මෙම සිදුවීම අහඹු සිදුවීමක්ද? යන්න පිළිබඳ සොයා බලන බව ප්‍රභූ ආරක්ෂක අංශ ප්‍රධානියෙක් පැවසීය.
කුරුණෑගල අන්තර් හුවමාරුවේදී මුදල් ගෙවීමේ කවුන්ටරය අසලදී හිටපු ජනාධිපතිවරයා ගමන් කළ මෝටර් රථය මතට ගේට්ටුව වැටී ඇත්තේ ඊයේ (04) පෙරවරුවේදීය.
ගයාන් කුමාර වීරසිංහ
දෙවැනි වරටත් මෛත්‍රී ගිය වාහනය මතට කුරුණෑගල අන්තර් හුවමාරුවේ ගේට්ටුව වැටිලා
-ප්‍රභූ ආරක්ෂක අංශයෙන් විමර්ශනයක්
499
කලින් පුවත