මැදකොළඹ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් 1947 වසරේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ පීටර් කෙනමන් මහතා 1977 දක්වා මන්ත්‍රීවරයකු, ඇමැතිවරයකු ලෙස කටයුතු කළ බවත්, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යන ජාතීන් ඒ මහතා සමඟ අත්වැල් බැඳගෙන සිටි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු සහ ඇමැතිවරයකු වූ පීටර් කෙනමන් මහතාගේ 106 වැනි ජන්ම දිනය නිමිත්තෙන් කොළඹ 10, මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට (පීටර් කෙනමන් චතුරශ්‍රය) පැවති චාම් උත්සවයට එක්වෙමිනි.
කොළඹ මහ නගර සභාවේ වත්මන් නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන, පීටර් කෙනමන් ගුණ සමරු කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති, හිටපු ඇමැති ඩිව් ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී හුසේන් කාදර්, කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, කොළඹ නගර සභාවේ ලේකම් එම්. ඒ. ඩී. එස්. නිරෝෂණ, කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක එම්. එච්. මන්සිල්, නාගරික මන්ත්‍රිනි කමනි නාලිකා වීරසිංහ, කොටිකාවත්ත මුල්ලේරියාව හිටපු නාගරික මන්ත්‍රී ඇල්ෆ්‍රඩ් රාමනායක, කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් එස්. සුදසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් කෙනමන් පිළිරුවට මල්මාලා පැලඳවීය.
පීටර් කෙනමන් සමරු උත්සව සභාවේ ප්‍රධාන සංවිධායක හිටපු නාගරික මන්ත්‍රී එල්. ආර්. ස්ටීවන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා මෙසේ ද පැවසීය.
එදා කොළඹ නගරය තුළ පොදු පහසුකම්වලින් තොරව ජීවත්වූ ජනතාවට පහසුකම් රැසක් ලබා දුන්නේ පීටර් කෙනමන් මහතායි. ඒ බව කොළඹ නගරයේ ජනතාවට අමතක වී නැහැ. තට්ටු නිවාස ක්‍රමය රටට හඳුන්වා දීමට පීටර් කෙනමන් මහතා ඉදිරිපත් වීම අගය කළ යුතු කටයුත්තක්. මේ මඟින් නගරයේ ජනතාවට විශාල අස්වැසිල්ලක් සිදු වුණා. පැල්පත්වල සිටි දහස් සංඛ්‍යාත ජනතාවට තමන්ගේ කියා නිවසක් ලැබුණේ පීටර් කෙනමන් මහතා නිසයි. කොළඹ නගරයේ අද මධ්‍යම පාන්තික ජනතාවක් බිහිවුණේ කෙනමන් මහතාගේ කැපවීම නිසයි.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා –
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා ලෙස දිවංගත පීටර් කෙනමන් මහතා පත්වූයේ මෙරට රාජකාරි කටයුතුවල අධිකරණ ක්ෂේත්‍රෙය් සිය පියා කටයුතු කරන සමයේ. ඔහු එවකට පැවති ධනේශ්වර දේශපාලනයට එරෙහිව කම්කරුවන් සූදානම් කළ නායකයෙක්. මෙරටින් මූලික අධ්‍යාපනය ලැබ පසුව එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළුවී අධ්‍යාපනය ලබා පසුව බැරිස්ටර්වරයකු වුණා. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට ශක්තිමත් නායකත්වයක් ලබා දුන්නා.
දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ටී. බී. ඉලංගරත්න ඇමැතිවරයා සමඟින් එක්ව මෙරට ජනතාවට අර්ථසාධක අරමුදලක් ඇතිකිරීමට පීටර් කෙනමන් මහතා කටයුතු කළා.
මැදකොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ