Monday, April 21, 2025
Home » මෙවර සාහිත්‍ය නොබෙල් ත්‍යාගය නෝර්වේජියානු නිර්මාණකරුවෙකුට

මෙවර සාහිත්‍ය නොබෙල් ත්‍යාගය නෝර්වේජියානු නිර්මාණකරුවෙකුට

by chanaka
October 5, 2023 9:33 pm 0 comment

2023 වසරේ සාහිත්‍ය වෙනුවෙන් කළ අමරණිය සේවය වෙනුවෙන් පිරිනමන නොබෙල් ත්‍යාගය නෝර්වීජියානු කතුවරයෙක් සහ නාට්‍යකරුවෙකු වන ජෝන් ෆොසේ හට හිමිව තිබේ.

ඔහු විසින් නිර්මාණය කළ ‘නොකිය හැකි දේට හඬ දෙන’ නව්‍ය නාට්‍ය සහ ගද්‍ය වෙනුවෙන් මෙම නොබෙල් ත්‍යාගය පිරිනමා ඇති බවට වාර්තා වේ.

1959 සැප්තැම්බර් මස 9 වන දින උපත ලද ජෝන් ෆොස්, බර්ගන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී සංසන්දනාත්මක සාහිත්‍යය හැදෑරා තිබෙන අතර පසුව සාහිත්‍ය වෘත්තියක් ආරම්භ කර ඇත.

ඔහුගේ පළමු නවකතාව වුයේ 1983 දී ප්‍රකාශයට පත් කරන ලද Raudt, svart (රතු, කළු), වන අතර ඔහුගේ පළමු නාට්‍යය වුයේ 1994 රඟ දැක්වූ And We’ll Never Be Parted ය.

ජෝන් ෆොස් නවකතා, කෙටිකතා, කවි, ළමා පොත්, රචනා සහ නාට්‍ය ගණනාවක් නිර්මාණය කර ඇති අතර ඔහුගේ කෘති භාෂා හතළිහකට වැඩි ගණනකට පරිවර්තනය කර තිබේ.

1901 දී නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ කළ අතර රසායන විද්‍යාව, මනෝවිද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, සාහිත්‍යය, සාමය හා ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍ර සඳහා පුද්ගලයින්ගේ විශිෂ්ට දායකත්වය ඇගයීම සඳහා මෙය පිරිනමනු ලැබේ.

එය මේ වන විට සාහිත්‍ය කටයුතු සඳහා දායක වූ පුද්ගලයන් 119 දෙනෙකු වෙනුවෙන් ප්‍රදානය කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT