369
නැගෙනහිර යුක්රේනයේ රුසියානු ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මිය ගිය බව යුක්රේන බලධාරීන් පවසයි.
යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ රුසියාව බ්‍රහස්පතින්දා (05) සිල්ලර වෙළඳසැලක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ඔහු මෙම ප්‍රහාරය විස්තර කළේ “කෲර රුසියානු අපරාධයක්” ලෙසය. සම්පූර්ණයෙන්ම හිතාමතාම කළ ත්‍රස්තවාදී ක්‍රියාවක්, රුසියානු ත්‍රස්තවාදය නැවැත්විය යුතුයි.” යනුවෙන්ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
මේ අතර යුක්රේනයේ විදේශ අමාත්‍යාංශය රුසියාවට චෝදනා කළේ “සිවිල් ඉලක්කවලට හිතාමතා සහ ම්ලේච්ඡ ලෙස පහර දුන්” බවයි.