Home » අමෙරිකාවේ පළමුවතාවට කථානායකවරයා තනතුරෙන් නෙරපයි

අමෙරිකාවේ පළමුවතාවට කථානායකවරයා තනතුරෙන් නෙරපයි

by sachintha
October 5, 2023 1:01 am 0 comment

අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට එරට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකින් කථානායකවරයකු තනතුරෙන් ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කථානායක කෙවින් මැකාර්ති ඊයේ එරට පාර්ලිමේන්තුවේදී ඡන්ද 216-210 කින් පරාජයට පත්වූ බව වාර්තා වේ.

ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රොටික් රජයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගනිමින් රජයේ ආයතන වෙත මුදල් සැපයීම සඳහා වන කෙටි කාලීන අයවැය යෝජනාවක් සම්මත කිරීමට පියවර ගැනීම හේතුවෙන් ඔහු තනතුරෙන් ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ කථානායකවරයා නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේම මන්ත්‍රීවරයකු වූ මැට් ගේට්ස් විසිනි.

උග්‍ර ට්‍රම්ප්වාදියකු වන මැට් ගේට්ස් සිය පක්ෂය නියෝජනය කරන කථානායකවරයා රජයට අවශ්‍ය පරිදි කටයුතු කිරීම දැඩි ලෙස විවේචනයට ලක් කරමින් එම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

මීට පෙර අමෙරිකානු දේශපාලන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කථානායකවරයකු බලයෙන් පහ කර නැති අතර, කඩිනමින් නව කථානායකවරයකු තෝරා ගැනීමට ජනාධීපති ජෝ බයිඩ්න් පියවර ගනු ඇතැයි ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT