Home » ත්‍රීරෝද රථය දුම්රියේ ගැටෙයි – දරුවන් දෙදෙනා අනූනවයෙන් බේරෙයි

ත්‍රීරෝද රථය දුම්රියේ ගැටෙයි – දරුවන් දෙදෙනා අනූනවයෙන් බේරෙයි

by yasara
October 4, 2023 2:11 pm 0 comment

කුඩා දරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු  ගමන්ගත් තිරෝද රථයක් බේරුවල මරක්කල වත්ත හේන පාර ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් ත්‍රීරෝද  රථ රියදුරු සහ අනෙක් පුද්ගලයා පමණක් තුවාල ලැබූ බව බේරුවල පොලිසිය පවසයි

වයස අවුරුදු එකහ මාර සහ අට අතර පසුවන දරු දෙදෙනාට හාස්කමකින් මෙන් අනතුරෙන් කුඩා සීරීමක් වත් සිදුවී නැත.

අනතුරින් ත්‍රිරෝද රථයට බරපතළ බරපතල අලාභ සිදු වී ඇත

කොළඹ සිට ගාල්ල දෙසට දුම්රිය ගමන් කිරීමේදී  මුහුදු සීමාවේ සිට ගොඩබිම දෙසට අපරික්ෂාකාරී ලෙස මරක්කල වත්තහේන පාර ප්‍රදේශයේ න්  අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව හරහා යොමුකළ තිරෝද රථය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි

ත්‍රීරෝද රථය දුම්රිය ගැටීමත් සමඟ ම ත්‍රීරෝද රථය  අඩි කීපයක් ඈතට විසි වී තිබූ බව පොලීසිය සඳහන් කරයි

බේරුවල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලලිත්  පද්මකුමාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක තෙන්නකෝන්  රථ වාහන අංශයේ ස්ථානාධිපති සුරංජිත් මහත්වරුන් පරීක්ෂණ පවත්වයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT