Monday, April 21, 2025
Home » කළුතර මුහුදේ තිබී නාදුනන මළ සිරුරක් හමුවෙයි

කළුතර මුහුදේ තිබී නාදුනන මළ සිරුරක් හමුවෙයි

by yasara
October 4, 2023 11:56 am 0 comment

කළුතර හොලික්‍රෝස් දේවස්ථානය ඉදිරිපිට මුහුදු වෙරලේ ඊයේ   (3) සවස පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි .

ඔහුගේ  අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවද පොලිසිය පැවසීය.

අළු පැහැති කලිසමක් සහ රතු සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් ඇද සිටින තැනැත්තා වයස අවුරුදු 45 ත් 50 අතර බවට අනුමාන කරන බවද පොලිසිය සදහන් කරයි.

මියගොස් ඇති තැනැත්තා මේ දිනවල පවතින ගංවතුර අවධානමට ලක්වූයේද නොඑසේ නම් වෙනත් අනතුරකට ලක්වූවාද යන්න සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කීය.

හදිසි මරණ පරීක්ෂණය සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ගේ පරීක්ෂණයෙන් පසු මෘතදේහය  කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT