Monday, April 21, 2025
Home » බදුල්ල නගරයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි

බදුල්ල නගරයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි

by yasara
October 4, 2023 2:01 pm 0 comment

බදුල්ල නගරයේ පහල වීදියේ  දෙනෝදාහක් ගැවසෙන මාර්ගය ට  විශාල ගසක් අද (4)  දහවල් කඩා වැටීමෙන් ත්‍රීරෝද රථ දෙකකට  දැඩි ලෙස අලාභහානි වූ බව බදුල්ල පොලිසිය පවසයි .

මාර්ගය අසල තිබූ විශාල ගසක් මෙසේ එක්වරම කඩා වැටුන අතර මින් කිසිවෙකු ට හෝ අනතුරක් සිදු නොවිණ .

බදුල්ල මහ නගර සභාවේ සේවකයන් ගිනිනිවිම් ඒකකයේ නිළධාරින් එක්වී මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගස කපා ඉවත් කිරීමට කටයුතු කළහ .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT