Saturday, April 19, 2025
Home » කෝටියකට වැඩි විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී කොටුවෙයි

කෝටියකට වැඩි විදෙස් දුම්වැටි තොගයක් කටුනායක දී කොටුවෙයි

by yasara
October 3, 2023 11:15 am 0 comment

රුපියල් එක් කෝටි විසි හය ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඊයේ (02) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී එහි සේවය කළ  රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

මොවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි ගුවන් මගීන් දෙදෙනෙකි .

ඔවුන්  ඊයේ  අළුයම 01.10 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 53,200 ක් අඩංගු දුම්වැටි කාටූන් 266 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

පසුව මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී මොවුන් විසින් නීතිවිරෝධී ලෙස ගෙන ආ දුම්වැටි සියල්ල රාජසන්තක කර ඇති අතර මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT