මඩකලපුව, එරාවූර් පොලිස් වසමට අයත් කොමන්තුරෙයි ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයෙකු ඊයේ (2) උදෑසන එම නිවසේ තනිව සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල කපා පිහියකින් සහ ඇයගෙන් පවුම් 10ක ස්වර්ණාභරණ කොල්ලකා තිබෙයි.
මෙම පිහි ප්‍රහාරයට ලක්වූ කාන්තාව බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.
එම අවස්ථාවේදී ඔහු නිවස තුළ සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල කපා පිහියකින් පහර දී ඇත. මේ නිසා බරපතළ තුවාල ලැබූ කාන්තාවගේ ගෙලෙහි තිබූ පවුම් 10ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරකම් කර ඔහු සිය ත්‍රිරෝ ද රථයේ නැගී පලා ගොස් ඇත.
කෑ ගැසූ මහලු කාන්තාව වෙත පැමිණි අසල්වාසීන් ඇය වහා රෝහල් ගත කර ඇත.
ඔහු මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබන බව පොලිසියේ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රදේශයේ දැඩි කලබලයක් සහ භීතියක් හටගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.
ඉන් අනතුරුව එරාවුර් ප්‍රධාන අපරාධ නිවාරණ කොට්ඨාශයේ පොලිසිය සහ අධිකරණ වෛද්‍ය අංශයේ පොලිසිය නිල සුනඛයෙකුද සමග එම ස්ථානයට ගොස් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.