Home » කොළඹ මූල්‍ය නගරයට ප්‍රථම ආයෝජකයා පැමිණෙයි

කොළඹ මූල්‍ය නගරයට ප්‍රථම ආයෝජකයා පැමිණෙයි

by yasara
October 3, 2023 9:45 am 0 comment

පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය  නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු ,එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයන්  සිව් දෙනෙකු ඊයේ  (02)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art ( Beijin ) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී ( SophiaLi )මහත්මිය ඇතුළු තවත් තිදෙනකු එසේ පැමිණ සිටියහ .

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය දා චීනයේ සිදු කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කර ගත් එකගතා සහ ගිවිසුම් ගත වීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණි .

පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ .

මීට අමතරව මොවුන්  තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක්  ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ .

මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07 ක කාළයක් තුළ අවශ්‍ය  අනුමැතිය ලබා දීමට අවශ්‍ය කටයුතු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් මේ වනවිට සම්පාදනය කර තිබේ .

මෙම ආයෝජකයන් පිරිස ඊයේ  රාත්‍රී 08.30 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යු.- 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝජ් කසීර් , එම මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් ධර්මසිරි මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT