ඩීසල් ලීටරයක් රුපියල් 10කින් වැඩිවුවත් බස් ගාස්තු සංශෝධනයක් කිරීමට එය ප්‍රමාණවත් නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති, ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් ගාස්තු වැඩිකිරීමට නම් ඩීසල් මිල 4%කින් පමණ වැඩිවිය යුතු බව පවසන ඔහු ඉකුත් සංශෝධනයෙන් ඩීසල් මිල වැඩිකර ඇත්තේ සියයට 2 කින් පමණක් බවද කීවේය.
මේ ඩීසල් මිල වැඩිවීම අනිවාර්යයෙන්ම ඉදිරියටත් සිදුවෙන බවත් යම් ආකාරයකින් එන සංශෝධනයෙන් පසු බස් ගාස්තු සංශෝධනයකට යෑමට සිදු විය හැකි බවත් හෙතෙම කීවේය.
ඉහළ ගිය ඩීසල් මිලට සාපේක්ෂව පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීමට රජය අවසර දිය යුතු බව, මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පැවසීය.
අවම වශයෙන් සියයට පහක ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවද හෙතෙම කිවේය. පසුගිය බස් ගාස්තු සංශෝධනයේදී මඟී ජනතාව ගැන සලකා අවම බස් ගාස්තුව ඉහළ නැංවීමට කටයුතු නොකළ බවත් මෙවර අවම ගාස්තුව සංශෝධනය කළ යුතු බවත් හෙතෙම පැවසුවේය.
සුභාෂිණී සේනානායක