Monday, April 21, 2025
Home » “රිටිගල” ග්‍රන්ථය දොරට වඩී

“රිටිගල” ග්‍රන්ථය දොරට වඩී

by sachintha
October 2, 2023 12:59 am 0 comment

උතුරු මැද පළාතේ පිහිටි මල්වතු ඔය ආරම්භය සටහන් වන වැව් බැඳි රටේ ක්ෂේම භූමිය වූ රිටිගල කන්ද අධි ස්වාභාවික රක්ෂිතය පිළිබඳ සොබාදහමේ සොඳුරු ආශ්චර්යයට පෙම් බඳින මිනිසුන් වෙනුවෙන් ලියැවුණු “ රිටිගල” ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

උතුරු මැද පළාත තුළ පිහිටි රිටිගල නම් වූ මහඟු දායාදය පිළිබඳ යළි යළිත් ආවර්ජනය කරමින්, අතීතයේ පටන් පැවත එන ජනප්‍රවාද, ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් නටබුන් හා ජෛව විවිධත්වයෙන් පරිසර පද්ධතිය පිළිබඳව පළාත් සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලද ක්ෂේත්‍ර චාරිකාවක ලද අත්දැකීම් කැටුව “රිටිගල” නමැති ග්‍රන්ථය නිර්මාණය කර ඇති අතර මෙම චාරිකාවට සහභාගි වූ සියලු නිලධාරීන්ගේ ලිපි ඇතුළත් වීම මෙහි ඇති විශේෂත්වයකි.

මෙම පොත උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා වෙත පිළිගැන්වීම සෞඛ්‍ය හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය අතින් සිදු කෙරුණු අතර මෙම ග්‍රන්ථය සඳහා ලිපි ඉදිරිපත් කළ නිලධාරීන් හට පොත් පිළිගැන්වීම ආණ්ඩුකාරවරයා අතින් මෙහිදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍ර අසිරි බණ්ඩාර මහතා ඇතුළු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීහු සහ පළාත් සභා නිලධාරීහු සහභාගී වූහ.

තිසර සමල් – අනුරාධපුර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT