අකුරැස්ස දෙණියාය මාර්ගයට සමාන්තරව නිල්වලා ගඟ ගලා බසින අතර, නිල්වලා ගඟේ දැඩි කිඹුල් ගහනයක් ඇත.
අකුරැස්ස සහ මාරඹ අතර මාර්ගය දෙපස ගංවතුර හේතුවෙන් යටවී ඇති කුඹුරුවල හා අතුරු මාවත්වල තැන් කිහිපයකම කිඹුලන් දැකීමට හැකිවූ අතර, අකුරැස්ස පෝරඹ පටුමඟේ දී මෙම දැවැන්ත කිඹුලා අහම්බෙන් කැමරාවට හමුවිය. මෙවැනි කිඹුලන් මාරඹ දකුණ සහ අස්මගොඩ ආදී ප්‍රදේශවලදීද දුටු බව වාර්තා වී ඇත.
අකුරැස්සේ ගංවතුර තත්ත්වය කෙමෙන් කෙමෙන් පහව යන අතර, අකුරැස්ස සිට කඹුරුපිටිය මාර්ගය, අකුරැස්ස කද්දුව මාලිම්බඩ හරහා මාතර මාර්ගය, අකුරැස්ස, අතුරලිය හරහා කඹුරුපිටිය මාර්ගය, අකුරැස්ස, සියඹලාගොඩ මාර්ගද වැල්ලතොට තිහගොඩ හරහා මාතර මාර්ගයේද ජලය බැස යාම තවමත් සිදුව නොමැති හෙයින් බස් ගමනාගමනය අඩාළ වී ඇත.
තෙලිජ්ජවිල සමූහ – වජිර පූජිත ගුණවර්ධන