ජර්මනියේ පැවැත්වුණු බර්ලින් ග්ලෝබල් සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) ආපසු මෙරටට පැමිණියේය.
බර්ලින් ග්ලෝබල් සමුළුව යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.
එම සමුළුවේ පළමු දිනයේ පැවැත්වුණු නායකයන්ගේ සංවාද සැසියේදී ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමාරම්භක දේශනය පැවැත්වීය. මෙම සමුළුවට ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස්, බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ , කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් , යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයන්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයන් සහභාගී වී සිටියහ.
එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන්ද එක්ව සිටියහ.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ස්කොල්ස්, කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීය.
ශිරෝමි
අබයසිංහ
271