Home » ලෝක සත්ත්ව දිනය දා සුරතල් සතුන්ටත් රක්ෂණ ක්‍රමයක්

ලෝක සත්ත්ව දිනය දා සුරතල් සතුන්ටත් රක්ෂණ ක්‍රමයක්

- පළමු අදියරේ සුනඛයන්ට පමණයි

by sachintha
October 2, 2023 12:55 am 0 comment

ලෝක සත්ත්ව දිනය ලබන බදාදාට යෙදීම නිමිත්තෙන් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව (SLIC) නව ආරක සුරතල් සත්ත්ව රක්‍ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. මේ රක්ෂණ ආවරණය, “Petsurance”, ලෙස නම් කොට තිබෙන අතර ආරම්භක අදියරේදී සුරතල් සුනඛයන් කෙරෙහි අවධානය යොමු කරනු ඇති බව ව්‍යාපාර සංවර්ධනය සහ අලෙවිකරණය (ජීවිත) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිණී නාමලී සිල්වා මහත්මිය පැවසුවාය.
මේ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් එය අනෙකුත් සතුන් වෙත ද ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව අපේක්ෂාවෙන් පසුවන බවද ඇය කීවාය.
සුරතල් සතුන් සඳහා මෙම රක්ෂණ ආවරණය මගින් හදිසි රෝගාබාධ මෙන්ම හදිසි අනතුරු සඳහා ආවරණයක් ද සපයයි.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT