266
මෙරට පාසල් රැසක ක්‍රිකට් ක්‍රීඩාව හදාරන සිසු දරු දැරියන්ගෙන් සමන්විත එස්.කේ. ක්‍රිකට් ආයතනය සඳහා නිල ඇඳුම් අනුග්‍රාහකත්වය දැක්වීමට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් දෙදෙනකු වන ජී. චමින්ද ජානක උඩුකුඹුර සහ එච්.එම්.කේ. පද්මලාල් කරුණාරත්න මහත්වරු ඉදිරිපත්ව සිටිති.
එස්.කේ. ක්‍රිකට් ආයතනයේ කළමනාකරු ඉෂාන් ජයවර්ධන මහතා වෙත අදාළ නිල ඇඳුම් තොගය පසුගියදා ලබාදුන් අතර ඡායාරූපයේ දැක්වෙන්නේ එම ක්‍රිකට් ආයතනයේ දරුවන්ට එම නිල ඇඳුමක් ව්‍යාපාරික මහතුන් දෙදෙනා විසින් ප්‍රදානය කළ අයුරුයි. එස්.කේ. ක්‍රිකට් ආයතනයේ කළමනාකරු ඉෂාන් ජයවර්ධන මහතා ද මෙහි සිටියි.