Home » මෙක්සිකෝවේ දේවස්ථානයක වහල කඩා වැටෙයි – 09ක් මරුට

මෙක්සිකෝවේ දේවස්ථානයක වහල කඩා වැටෙයි – 09ක් මරුට

by chanaka
October 2, 2023 12:25 pm 0 comment

මෙක්සිකෝවේ දේවස්ථානයක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු පමණ සිරවී ඇත.

Ciudad Madero හි Santa Cruz දේවස්ථානයේ වහලය කඩා වැටීමෙන් 49 දෙනෙකු රෝහල් ගත කර ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය දක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වර්තා කර තිබේ.

වහලය කඩා වැටෙන අවස්ථාවේ 100 දෙනෙකු පමණ පිරිසක් සිටි බව සදහන් වේ.

සිරවී සිටින අය අතර කුඩා දරුවන් රැසක් සිටින බවට විශ්වාස කෙරෙන අතර මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.

ප්‍රාදේශීය මාධ්‍යවේදී ෆ්‍රෑන්ක් කොන්ට්‍රේරාස් බීබීසී ලෝක සේවයේ නිව්ස්ඩේ වැඩසටහනට පවසා ඇත්තේ වහලය කඩා වැටීම පල්ලියේ දේව මෙහෙයේ ප්‍රධාන මොහොතක සිදුවූ බවය.

මෙහි සුන්බුන් ඉවත් කිරීමට සාමාන්‍ය සිවිල් වැසියන් ද සහය දක්වන බව වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT