Home » දුම්රිය ස්ථානයේ බංකුවක් මත මගියෙක් මිය යයි

දුම්රිය ස්ථානයේ බංකුවක් මත මගියෙක් මිය යයි

by yasara
October 2, 2023 2:27 pm 0 comment

දුම්රියෙන් ගමන් කිරිමට පැමිණි මගියෙකු අද  (02) හැටන් දුම්රිය ස්ථානය තුලදි මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ මස්කෙලිය නල්ලතන්නිය මුල්ගම පහල කොටසේ පදිංචිව සිටි පි.එස්.ආරුමුගම් නැමති 70 පමණ වයසැති අයෙකි.

දුම්රිය පැමිණෙන තුරු හැටන් දුම්රිය ස්ථානයට පැමිණෙන මගින්ට විවේක ගැනිම සදහා සකස් කර ඇති ආසනයක් මත මෙම මගියා ජිවිතක්ෂයට පත් වි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ. මියගිය මගියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT