ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් ලෝක ළමා දිනය යෙදෙන අද (01) තමන් ක්‍රිකට් අත්පොත් තැබූ පාසල වෙනුවෙන් වටිනා පරිත්‍යාගයක් සිදු කළේය
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන චන්දිමාල් තමන්ගේ පෞද්ගලි ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 200ක වියදමින් ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකර සිසු අයිතියට පත් කිරීම අද දිනයේ සිදු විය
දිවාරාත්‍රී පුහුණුවීම්වල යෙදිය හැකි මෙම ක්‍රීඩාංගනය රංජිත් පණ්ඩිතගේ ගෘහස්ථ ක්‍රීඩාංගනය ලෙස නම්කර තිබෙයි
ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකළ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට දිගු කලක සිට අවශ්‍යතාවයක් පැවති ගෘහස්ථ ක්‍රීඩාංගනයක් අභිනවයෙන් ඉදි කර මෙලෙස සිසු අයිතියට පත් කෙරෙිණි
එම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා පහසුකම් ලබා ගැනීමට ප්‍රදේශයේ අවට පාසල් වල ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුන්ට හැකියාව ඇති බව ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය වන කපිතාන් සනෝජා අභයවික්‍රම මහත්මිය පවසයි.
එම නිසා ක්‍රිකට් ක්‍රීඩාව හදාරන සිසුන්ගේ දක්ෂතා ඉහළ නැංවීමට මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය උපයෝගී වනු ඇත.