Home » උණු කළ යකඩ ඇඟට වැටී ඉන්දියානුවෙක් මිය යයි

උණු කළ යකඩ ඇඟට වැටී ඉන්දියානුවෙක් මිය යයි

by yasara
October 1, 2023 4:57 pm 0 comment

මතුගම 5කණුව කර්මාන්ත පුරයේ පිහිටි අබලි යකඩ උණුකිරීමේ කර්මාන්ත ශාලාවක සේවය කල ඉන්දීය ජාතිකයෙකු ගිනිගත් යකඩ කැබලි ඇඟට විසිවීමෙන් සිදුවූ අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.

 ජිටේන්ද්‍ර රාජ්බහාර් නම් 41 හැවිරිදි ඉන්දීය ජාතිකයෙකු මෙසේ මියගොස් ඇත. අබලි යකඩ උණුකර යකඩ බාර් නිපදවන මෙම කර්මාන්ත ශාලාවේ ඉන්දීය ජාතිකයන් 71 ක් දෙනෙක්ද ,ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙක්ද සේවය කරන අතර පසුගිය පොහොය දින ශ්‍රී ලාංකිකයන් නිවාඩු  ලබා සිටියදී එදින ඉන්දීය ජාතිකයන් පමණක් සේවය කර ඇත. 

කර්මාන්ත ශාලාවේ කළමනාකාර වරයාද එදින නිවාඩු ලබා සිට ඇති අතර එදින රාත්‍රියේ කර්මාන්ත ශාලාවේ මුරකරු විසින් දුරකථන ඇමතුමක් මගින් කර්මාන්ත ශාලාවේ සුළු අනතුරක් සිදුවූ බවත් එම අනතුරින් සේවකයන්  තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකල බවත් දැනුම්දී ඇත. 

තුවාල කරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර අනිකුත් තුවාල ලැබූ දෙදෙනා සුළු තුවාල ලබා ඇත.

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඉන්දීය ජාතිකයා ඊයේ (30)  රාත්‍රියේ මියගිය බව ජාතික රෝහල් පොලිසිය වැලිපැන්න පොලිසියට දැනුම් දී ඇත.

 මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර වැලිපැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT