Home » කත්මණ්ඩු වෙත පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් ප්‍රමාද වෙයි

කත්මණ්ඩු වෙත පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් ප්‍රමාද වෙයි

by yasara
October 1, 2023 4:41 pm 0 comment

නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද (01) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය  ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටී බව වාර්තා වෙයි

එම ගුවන් මගීන්  අතර දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද වේ .

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 181 දරන ගුවන් යානය අද උදෑසන 08.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.

ඒ සදහා අමාත්‍යවරයා ඇතුළු ගුවන් මගීන් 200 කට අධික පිරිසක් අද උදෑසන 07.15 ට මෙම ගුවන් යානය තුළට නංවා තිබේ . එහෙත් මෙම ගුවන් යානය උදෑසන 11.00 වන තෙක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව නොගොස් තිබූ අතර , ඒ වනතෙක් එම ගුවන් මගීන් ද ගුවන් යානය තුළ රැදී සිට තිබේ .

නේපාලයේ භූ විෂමතාව අනුව  කදුකර රාජ්‍යයක් වන අතර , සවස් කාළය වනවිට එහි කත්මණ්ඩු නුවර ගුවන් තොටුපොළ ඇතුළු ප්‍රදේශය මීදුමෙන් වැසී යන බැවින් මෙම ශ්‍රී ලන්කන් යූ.එල්.- 181 දරන ගුවන් ගමන උදෑසන පිටත්වීමට නොහැකි වීම නිසා , බොහෝ විට අතහැර දැමීමට සිදු විය හැකි බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .

පසුව මෙම ගුවන් යානය  කාර්මික දෝශයකට ලක් වී ඇති බැවින් මෙම ගුවන් ගමන සදහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , එය දහවල් වනතෙක් ඉටු වී නොමැත .

මේ පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන්ගෙන් විමසූ විට මෙම සිදුවීම තාක්ෂණ නිලධාරීන් සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා හට ගෙන ඇති බවත් , මෙම ගුවන් ගමන සදහා වෙනත් ගුවන් යානයක් ලබා දෙන බව ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

එසේම මේ වනවිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම්  , මාලදිවයින මාලේ , ඉන්දියාවේ චෙන්නායි , බංග්ලාදේශයේ ඩකා සහ ජපානයේ නරීටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් යානා ප්‍රමාද වී පැමිණෙන බවට තොරතුරු වාර්තා වේ .

මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ප්‍රමාද වී පැමිණෙන ගුවන් යානා යළිත් ආපසු පිටත් වීම ද ප්‍රමාද වී සිදු වන බව ද ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළේය .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT