Home » ලෝක ළමා දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

ලෝක ළමා දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක්

by gayan
September 30, 2023 1:00 am 0 comment

නෙත්මි පූජනී රත්නායක

ලෝක ළමා දිනය නිමිත්තෙන් කැලණි නදී පෙර පාසල සහ මෝදර මිහිජය සෙවණ කැලණි නදී පෙර පාසල සංවිධානය කරන ළමා වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මස 2 වැනිදා තොටළඟ ශ්‍රී සංඝබෝධි විදුහල් භූමියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කැර ඇත.

මෙම වැඩසටහන සඳහා පෙර පාසල් දරුවන් 150කට ආසන්න පිරිසක් එක් වන අතර ඊට අමතරව ගුරු මණ්ඩලය සහ දෙමවුපියන්ද සහභාගී වීමට නියමිතය.

කොළඹ 15 ෆර්ගියුෂන් පාරේ පිහිටි කැලණි නදී පෙර පාසලෙන් තූර්යවාදක කණ්ඩායම පෙරටු කර ගෙන ළමා දින පෙරහර තොටලඟ ශ්‍රී සංඝබෝධි මහා විද්‍යාලයට ළඟා වීමට නියමිත අතර එහිදී දරු දැරියන් වෙනුවෙන් උදෑසන ආහාරය ලබා දීමටද සැලසුම් කර ඇත.

එහිදී පෙර පාසල් දරුවන්ගේ සහ සංඝබෝධි විදුහල් දරුවන්ගේ නැටුම්, ගැයුම් ඇතුළත් විවිධ ප්‍රසංගයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර පෙර පාසල් සිසු දරුවන්ට සහ සංඝබෝධි විද්‍යාලයේ 1 සිට 5 ශ්‍රේණි දක්වා දරුවන්ට ත්‍යාග ලබා දීමටද සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත.

ඉන් අනතුරුව සියලුම දරු දැරියන්ට සහ දෙමවුපියන්ට දිවා ආහාරය ලබා දීමටද කැලණි නදී පෙර පාසල කටයුතු යොදා තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT