ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සඳහා අන්තර්ජාතික පිළිගැනීමක් එක්කරමින් ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024දී’ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 6ක්ද එක් කර තිබේ.
ලොව වඩාත් කීර්තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන මේ ශ්‍රේණිගත කිරීමේදී කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1001ත් 1200ත් අතරට පැමිණ ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1501 තුළ රැඳී සිටී. ඊට අමතරව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයද මේ ශ්‍රේණිගත කිරීමට එක් කරනු ලැබ ඇත. පසුගිය 27 දා නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණු මේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට ලොව පුරා රටවල් 108ක, විශ්වවිද්‍යාල 1,904ක් ඇතුළත්ව තිබේ.
මහින්ද අලුත්ගෙදර