කොත්මලේ මහවැලි මහා සෑය බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතුවලට අංග සම්පූර්ණ කර ගොඩනැඟීමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ ඉකුත්දා කොත්මලේ මහවැලි මහා සෑය වැඳපුදා ගැනීමට පසුගියදා (25) එක්වෙමිනි.
මේ වනවිට මහවැලි මහා සෑය නවීකරණය කර සිතුවම් ද නිර්මාණය කර තිබේ. 1980 මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ජලාශය ඉදිකිරීමේදී ඊට යට වූ පුදබිම් සිහිපත් කිරීම වෙනුවෙන් ඉදිකළ ස්තූපය මෙයයි. එවකට මහවැලි සංවර්ධන ඇමැති ගාමිණී දිසානායක මහතාගේ අදහසකට අනුව මේ සෑය ඉදි කෙරුණි. ශ්‍රී ලංකා ඉතිහාසයේ වර්ෂ 1300කට පසුව ඉදි කෙරුණු මහා ස්තූප නිර්මාණය ද මේ මහවැලි සෑයයි.
රුවන්මැලි මහා සෑ රදුන්ට කෙරෙන ගෞරවයක් වශයෙන් මේ මහවැලි මහා සෑය ගොඩනැඟුවේ රුවන්මැලි මහා සෑයට වඩා උසින් අඩි දෙකක් අඩුවන පරිදිය.
මහවැලි මහා සෑය සම්පූර්ණ කිරීමට රුපියල් කෝටි 30කට ආසන්නව වැයවිය. ඉදිකිරීම් නිමවන ලද ස්ථූපය නිරාවරණය කිරීම 2016 ජූනි මස 20 වැනි දින සිදු විය. කොත්මලේ මහවැලි මහා සෑය විද්‍යාජෝති ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහයන්ගේ සැලැස්මකට අනුව ඉදි කර තිබේ.
ජයසිරි මුණසිංහ