ජාතික ආර්ථිකය සඳහා බැංකු ක්ෂේත්‍රයේ තම දායකත්වය යළි තහවුරු කරමින්, වෙෙළඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ සිය ‘ප්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුව (ADB) කොමර්ෂල් බැංකුව නැවත වරක් ප්‍රකාශයට පත් කර ඇත.
ආසියානු ශාන්තිකර කලාපයේ වෙළෙඳ කටයුතු සඳහා ප්‍රමුඛ පෙළේ හවුල්කාර බැංකුවල දායකත්වය ඇගයීමට ලක් කෙරෙන ආසියානු සංවර්ධන බැංකුවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ (TSCFP) සම්මාන උලළේ දී කොමර්ෂල් බැංකුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ අඛණ්ඩ තුන්වන වසර මෙයයි. 2023 සම්මාන උලෙළ සිංගප්පූරුවේ ජෙන් සිංගප්පූරු ටැන්ග්ලින් ශැන්ග්‍රිලා හි දී පැවැත්විණි.
2022 ජූලි 01 වැනිදා සිට 2023 ජුනි 30 වැනිදා දක්වා කාලය තුළ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය ක්ෂේත්‍රයේ වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් වාර්තා කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව වෙත මෙම සම්මානය පිරිනමන ලදී. ADB TSCFP සම්මාන උලෙළේ දී කාණ්ඩ 15ක් යටතේ හඳුනා ගත් බැංකු 25 අතරට කොමර්ෂල් බැංකුව ද ඇතුළත් විය.