Home » IDEA 2023 අවසන් වටයට Phoenix නිෂ්පාදන දෙකක්

IDEA 2023 අවසන් වටයට Phoenix නිෂ්පාදන දෙකක්

by gayan
September 30, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන සමාගමක් වන ‘Phoenix’ හඳුන්වා දුන් සුවිශේෂ නිෂ්පාදන ද්විත්වයක් වන ‘FLAP Folding Chair’ සහ ‘FLO Modular Cupboard’ පෙළ කීර්තිමත් සම්මාන උලෙළක් වන ජාත්‍යන්තර නිර්මාණකරණ විශිෂ්ටතා සම්මාන උලෙළේ (2023) අවසන් අදියරට තේරී තිබේ. මෙම සම්මාන උලෙළ නිර්මාණකරුවන්, නව නිපැයුම්කරුවන් සහ සන්නාම එකට එකතු කරමින් විවිධ කර්මාන්තවලට අදාළ විශිෂ්ට ගනයේ නිර්මාණ ඇගැයීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටු කරයි. විචල්‍යතාව සහ පහසුවෙන් රැගෙන යාමට ඇති හැකියාව නිසා විශාල ලෙස ජනප්‍රිය වූ ‘FLAP Folding Chair’ එහි ක්‍රියාකාරීත්වය සහ අලංකාරත්වය මනාව සමතුලිත වන ලෙස නිර්මාණය කර ඇති අතර ඊට ජූරියේ විශේෂ අවධානය යොමු විය. එමෙන්ම ඉතා පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයෙන් නිෂ්පාදනය කරන ‘FLO Modular Cupboard’ ඔවුන් කැමැති වර්ණයෙන් හා ප්‍රමාණයෙන් අවශ්‍ය පරිදි මිළට ගත හැකිය.

නිර්මාණකරණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන සමාගමක් වන ‘Phoenix’ ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා ජීවිතයේ ඉතා වැදගත් අංශයක් වීමට අපේක්ෂා කරයි. ජාත්‍යන්තර නිර්මාණකරණ විශිෂ්ටතා සම්මාන උලළේ අවසන් අදියරට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික සන්නාමය වන්නේ ද ‘Phoenix’ ය. “නව්‍ය නිර්මාණකරණ තුළින් ජනතාවගේ ජීවන රටා පොහොසත් කරන්න අප සතු කැපවීම මෙම ඇගැයීම තුළින් තහවුරු වෙනවා. මේ නිර්මාණාත්මක චාරිකාව පුරා අප සමඟ රැඳී සිටිමින් සුවිශාල දායකත්වයක් සැපයූ වටිනා පාරිභෝගිකයන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබේ විශ්වාසය සහ දිරිමත් කිරීම නිර්මාණකරණයේ සීමා අබිබවා ඉදිරියට යන්න අපව දිරිමත් කරනවා.” Phoenix සමාගම සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT