570
ඔක්තෝබර් මස 10 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 74 වන සංවත්සර දිනයට ආශිර්වාද එක් කිරිමේ සහ ධජයන්ට සෙත් පැතීමේ දෙවන ආගමික උත්සවය අද (28) දින පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මාතෘභූමියේ ආරක්‍ෂාව උදෙසා රටේ ප්‍රධානම ආරක්‍ෂක හමුදාව ලෙස නිර්භිතභාවයෙන් අසීමිත කැපකිරීම් සිදුකර වර්තමානයේ ජාතික ආරක්‍ෂාව හා ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයේ නියැලී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 දින ආරම්භ කරන ලදී.