Home » දුම්රියේ ගැටී වන අලීන් 06 ක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටී වන අලීන් 06 ක් ජීවිතක්ෂයට

by yasara
September 28, 2023 1:08 pm 0 comment

ගල්ගමුව හා පලු ගස්වැව යන ප්‍රදේශවලදී ඊයේ (28) රාත්‍රී වන අලි රංචු දෙකක් දුම්රියන් හා ගැටීමෙන් සිදු වූ අනතුරු දෙකකින් වන අලි හයදෙනෙකු (06) මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියට ගල්ගමුව නගරයට ආසන්නව පිහිටි තේක්ක කැලය ප්‍රදේශයේ දී වන අලි රංචුවක් ගැටීමෙන් එහි සිටි අලින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

අනෙක් අනතුරු සිදුව ඇත්තේ කොළඹ කොටුවේ සිට පොලොන්නරුව බලා ධාවනය කෙරෙන මීනගයා දුම්රියට කැකිරාව හා පලුගස්වැව  අතර ප්‍රදේශයේ දී වන අලි රංචුවක් ගැටීමෙනි. එම අනතුරින් එහි සිටි වන අලින් දෙදෙනෙකු මේ ගොස් තිබේ .

ගල්ගමුව ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් මිය ගිය වන අලින් සිව් දෙනාගෙන් තිදෙනෙකුම  වයස අවුරුදු 10ට අඩු සතුන් බවත් එක් සතෙකු වයස අවුරුදු 12 ත් 13 ත් අතර පමණ වයසේ පසුවන්නෙකු බවත් නිකවැරටිය  වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය  ඉසුරු හේවා කෝට්ටෙගොඩ මහතා පවසයි.

එම අනතුරින් පසුව දුම්රිය පැයකට අධික කාලයක් ධාවනය කිරීමට නොහැකිව එම ස්ථානයේ රඳවා තිබී ඇති අතර අනතුර ඊට හේතුව වී ඇත්තේ අනතුරට පත් අලියෙකු  දුම්රිය එන්ජිම හා පෙට්ටියක් අතර හිරවී සිරවී සිටීම‍යි.  පසුව දුම්රිය මගීන් හා ගල්ගමුව පොලිසිය එක්ව එම සත්වයා ඉවත් කිරීමෙන් පසුව දුම්රිය යලිත් ධාවනය කිරීමට හැකි වී ඇත.

පලුගස්වැව ප්‍රදේශි සිදු වූ දුම්රිය අනතුරින් මියගිය අලින්ට දෙදෙනා ම වයස අවුරුදු පහ 15ත් 20ත් අතර වයසේ පසු වන සතුන් බව රිටිගල වනජීවී  කාර්යාලය සඳහන් කරයි.

ගල්ගමුව අනතුර පිළිබඳව ගල්ගමුව පොලිසිය හා නිකවැරටිය වන ජීවි කාර්‍යාලය එක්ව පරීක්ෂණ කටයුතු මෙහෙයවන අතර පලු ගස්වැව  දුම්රිය අනතුර පිළිබඳව  රිටිගල වනජීවී කාර්යාලය හා හබරණ පොලිසිය එක්ව පරීක්ශණ කටයුතු මෙහෙයවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT