Friday, April 18, 2025
Home » ගිනිඅවි බලපත්‍ර ගැන ආරක්‍ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

ගිනිඅවි බලපත්‍ර ගැන ආරක්‍ෂක අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

by chanaka
September 28, 2023 11:01 am 0 comment

2024 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම හා පෞද්ගලික ආරක්‍ෂක නියෝඡ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ් අනුව ගිනි අවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින්/ ආයතන විසින් 2024 වර්ෂය වෙනුවෙන් සිය ගිනිඅවි (තුවක්කු) බලපත්‍ර අළුත් කිරීමට 2023.10.01 දින සිට 2023.12.31 දින දක්වා අවස්ථාව ලබා දී තිබේ.

මේ පිළිබඳ තොරතුරු හා අයදුම්පත්‍ර ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් www.defence.lk බාගත හැකිය.

එසේම 2023 දෙසැම්බර් මස 31 දිනෙන් පසු 2024 වර්ෂය වෙනුවෙන් ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම සිදු නොකරන බවට හා තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව වලංගු බලපත්‍රයක් රහිතව ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව අමාත්‍යංශය අවධාරණය කරයි.

2024/2025 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචිය අලුත් කිරීම 2023.10.01 සිට 2023.12.31 දක්වා සිදුකෙරෙන අතර, ඉන්පසු සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු අයකිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව දැනුම් දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT