මේ වන විට මධ්‍යම පළාතේ පාසල් තුළ හතර සහ පහ වසර පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ සාක්ෂරතාව සාධනීය මට්ටමක ඇත්තේ සමස්ත සිසු සංඛ්‍යාවෙන් 3%කගේ බව මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.
කොවිඩ් – 19 වසංගත සමයේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා ප්‍රායෝගිකව අකුරු ඉගැන්වීම ඇතුළු දැනුම ලබා දීමට නොහැකි වීම මෙම තත්ත්වයට හේතුව බව මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් මේනක හේරත් මහතා පවසයි.
පාසල් මට්ටමින් නියධියක් ලෙස ශිෂ්‍ය කණ්ඩායම් තෝරාගෙන මෙම සමීක්ෂණය සිදු කළ බව අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේය.
මෙම දරුවන්ගේ සාක්ෂරතා මට්ටම ඉහළට ගෙන ඒම පිණිස වැඩසටහන් සැලසුම් කර තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය. ප්‍රාථමික අංශයේ පමණක් නොව 6 වසර සිට 11 වසර තෙක් දරුවන්ගේ සාක්ෂරතා මට්ටම් ද මැන බලා අඩු සාක්ෂරතාවක් ඇති දරුවන් හඳුනාගෙන ඔවුන්ගේ සාක්ෂරතාව ඉහළ නැංවීම පිණිස ද වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ඒ මහතා කීය.
ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා විශ්‍රාමික ගුරුවරුන්ගේ සහාය ලබා ගන්නා බව ද මේනක හේරත් මහතා පැවසුවේය.