Home » කොන්දේසි විරහිතව පාපන්දු සංවර්ධනයට කැප වෙනවා

කොන්දේසි විරහිතව පාපන්දු සංවර්ධනයට කැප වෙනවා

- අනුර ද සිල්වා

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණයේදී දක්ෂිත පාර්ශ්වය ජයගත් පසු ක්‍රීඩාවේ සංවර්ධනයට කැපවී කටයුතු කරන බව හිටපු පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. පාපන්දු ක්‍රීඩාව රැක ගැනීමට ලබාදෙන සහයෝගයක් මිස තනතුරු වරප්‍රසාද වෙනුවෙන් තමන් දක්ෂිත පාර්ශවය වෙනුවෙන් පෙනී නොසිටින බව ඒ මහතා පැවැසීය. තමන් සහයෝගය ලබාදෙන කණ්ඩායම රට පුරා පාපන්දු ලීග් නියෝජිතයින් සියයට 90ක් හමුවී පාපන්දු සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කර ඇතැයි ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සිල්වා මහතා සඳහන් කළේය.

“ රජ තුන්කට්ටුවේ සමගිය මම පිළි ගන්නේ නෑ. ජස්වර් විවේචනය කළ අය අද ඔහු සමඟ එකතු වෙලා. මෙයට කලින් රංගා සභාපති කළේ වෛද්‍ය මනිල්ගේ උවමනාවටයි. ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. නිලවරණය කැඳවීමට පෙර රංජිත් සභාපති තරගයට එන බව කීවා. වෛද්‍ය මනිල් නිලවරණයට බිය වුණා. අප ඔහු සමඟ හිටියා. නමුත් හදිසියේම සියල්ල වෙනස් වී ජස්වර් සමඟ එකතු වෙලා. ජස්වර් ට විවධ චෝදනා එල්ල කරලා අද එකතු වන්නේ ඇයි කියන ප්‍රශ්නය අපට තියෙනවා. ජස්වර් සභාපති පුටුවේ ඉන්නේ එක් අවුරුද්දක් පමණයි. ඔහු ලෝක පාපන්දු සම්මේලනයේ තනතුරකට යන බවට රජ තුන්කට්ටුවේ එකඟතාවක් තියෙනවා“ අනුර ද සිල්වා මහතා පැවැසීය.

“ අභියාචනා කමිටුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව පේනවා. එහි නීතීඥයින් පිරිස ජසවර්ගේ හිතවතුන්. වවුනියාවේ නාගරාජන් මහතාගේ සහතික පත්‍ර කූට ලේඛන බව අප පෙන්වා දුන්නා. නමුත් එය පිළිගත්තේ නෑ. මේ වගේ අකටයුතුකම් රැසක් තියෙනවා“ සිල්වා මහතා පැවැසීය.

මෙවර පාපන්දු නිලවරණයේ විධායක සාමාජිකයකු ලෙස තරගකරන ජනසතු සේවා සංගමයේ ත්‍යාගරාජා සුදාකර් මහතා මූල්‍ය චෝදනා රැසක් සම්බන්ධ ජස්වර් මහතාට චෝදනා කළේය. එහෙත් ජස්වර් පාර්ශ්වයේ උප සභාපතිවරුන් වන රංජිත් රොද්‍රිගූ හා වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන දෙදෙනාට ඇඟිල්ල දිගු නොකළේය.

“රංජිත් මහතාට හා මනිල් මහතාට අපේ ගරුත්වයක් තිබෙනවා. ඔවුන් දෙදෙනා ජස්වර්ට හේත්තු වුණේ ඇයි කියන ප්‍රශ්නය තියෙනවා. රංජිත් මහතා ඒ කාලයේ එල්ල කළ මූල්‍ය චෝදනා අදටත් වලංගුයි. ලීග් නියෝජිතයින් අපට සහය දෙන බවට විශ්වාසයි“ සුදාකර් මහතා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT