388
ඩුබායි සිට ඊයේ (26) පෙරවරුවේ මෙරටට පැමිණි ගුවන් මගීන් දෙදෙනකු හොර රහසේ රැගෙන පැමිණි ජංගම දුරකථන 221ක් සහ ලැප්ටොප් 09ක් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ජංගම දුරකථන අතරින් දුරකතන 121ක්ම ස්මාට් වර්ගයේ දුරකථන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ගුවන් මගීන් දෙදෙනා ගමන් මලු තුළ මෙම භාණ්ඩ සඟවාගෙන රේගුවට නොදන්වා පිටතට පැමිණි අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සමඟ ඔවුන්ව රැගෙන යාමට පැමිණි රියදුරු ද මෙම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයන් තිදෙනා කොළඹ මාලිගාවත්ත සහ සංඝරාජ මාවතේ පදිංචිකරුවන්වේ. මෙම සැකකරුවන් භාණ්ඩ සමඟ ශ්‍රී ලංකා රේගුවට භාරදීමට නියමිතව තිබිණි.