Home » අටුළුගම අල්ගස්සාලි මහා විද්‍යාලයේ පරිගණක ගුරුවරයා මාරු කර යවලා

අටුළුගම අල්ගස්සාලි මහා විද්‍යාලයේ පරිගණක ගුරුවරයා මාරු කර යවලා

by mahesh
September 27, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ හල්තොට - විනීතා මානෙල්

අටුළුගම අල්ගස්සාලි මහා විද්‍යාලයේ පරිගණක ගුරුවරයා මාරු කර යවා ඇති බව පවසමින් සිසු දරුවෝ ඊයේ (26) උදැසන විදුහල ඉදිරිපිට විරෝධතාවක නියැළුණහ.

මෙම පරිගණක ගුරුවරයා වසර නමයක කාලයක් තිස්සේ එම විදුහලේ සේවය කර ඇති අතර, ඔහුගේ බිරිඳ ද එම විදුහලේම ගුරුවරියක ලෙස සේවය කර තිබිණ.

මීට ටික දිනකට පෙර ඇයව ද මාරු කර ඇති අතර, ඉන් පසු මෙම ගුරුවරයාව ද මාරු කර ඇති බව ඔවුහු පෙන්වා දෙති.

පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නියැළුණු සිසුහු විසිර ගියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT