Sunday, April 20, 2025
Home » අලුත්ගම ප්ලාස්ටික්වලින් තොර සංචාරක කලාපයක් කිරීමට පියවර

අලුත්ගම ප්ලාස්ටික්වලින් තොර සංචාරක කලාපයක් කිරීමට පියවර

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ලෝක සංචාරක දිනය අදට (27) යෙදෙන අතර, මෙවර තේමාව වන්නේ සදාහරිත ආයෝජනය මඟින් තිරසර සංවර්ධනය යන්නයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක සංචාරක දිනයට සමගාමීව බේරුවල Ocidental Edan සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලය විසින් සංචාරක ආකර්ෂණය දිනූ අලුත්ගම සංචාරක කලාපය ප්ලාස්ටික්වලින් තොර කලාපයක් කිරීමේ පරිසර වැඩසටහනක් 26 වන දින අලුත්ගම නගරයේ දී සිදු කරන ලදී.

එම කාර්ය මණ්ඩලය ජනතාව දැනුම්වත් කිරීමේ පුවරු රැගෙන බේරුවල, මොරගල්ල ප්‍රදේශයේ සිට පා ගමනින් අලුත්ගම නගරයේ වෙත පැමිණ ඔවුන් විසින් අලුත්ගම දුම්රියපොළ හා බස් නැවතුම්පළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, ප්ලාස්ටික් පරිසරයට මුදාහැරීම වැළැක්වීම සඳහා දුම්රිය ස්ථානයේ මෙන්ම බස් නැවතුම්පොළේ ද භාවිතයට ගනු ලැබූ ප්ලාස්ටික් බෝතල් වැනි ද්‍රව්‍ය බහාලීම සඳහා භාජන සවි කිරීම ද සිදු කරන ලදී.

ඒ අතර ප්ලාස්ටික්වලින් පරිසරයට වන විනාශය හා පරිසරය අපවිත්‍ර වීම සම්බන්ධයෙන් මෙන්ම එම නිසා සංචාරක කලාපයක් වන අලුත්ගම පුරවරය පිරිසිදුව පවත්වා ගැනීමේ පණිවිඩය ද වීදි නාට්‍යයක් මඟින් ජනතාව දැනුම්වත් කිරීම ද අලුත්ගම නගරය පිරිසුදු කිරීමේ අවස්ථාවේදී විදේශීය සංචාරකයන් ද සහභාගි වූ ආකාරය දක්නට ලැබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT