Home » බීමත් රියැදුරාගේ ත්‍රිරෝදය පොලිස් යතුරුපැදියේ ගැටී සැරයන්-කොස්තාපල් රෝහලේ

බීමත් රියැදුරාගේ ත්‍රිරෝදය පොලිස් යතුරුපැදියේ ගැටී සැරයන්-කොස්තාපල් රෝහලේ

by mahesh
September 27, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ

නිට්ටඹුව කිරිඳිවැල මාර්ගයේ ඌරාපොළ දීනාපමුණුවේ දී ඊයේ (26) පාන්දර ත්‍රිරෝද රථයක් පොලිස් යතුරුපැදියක හැපීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට ඇති බවත් බීමත්ව සිටි ත්‍රිරෝද රථ රියැදුරා හා එහි සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් අත්තනගල්ල පොලිසිය පවසයි.

කිරිඳිවැල දෙස සිට නිට්ටඹුව දෙසට ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ඊයේ (26) පාන්දර 1.00ට පමණ නිට්ටඹුව දෙස සිට කිරිඳිවැල දෙසට ධාවනය වෙමින් තිබූ අත්තනගල්ල පොලිසියේ යතුරුපැදියක හැපී අනතුර සිදු වී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. එම අනතුරින් අත්තනගල්ල පොලිසියේ පොලිස් සැරයන් රූපසිංහ (44375) හා පොලිස් කොස්තාපල් උඩංගම (96838) යන දෙදෙනා බරපතළ තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර සිටින බව ද පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථය රත්නපුර ප්‍රදේශයේ එකක් බවත් එහි රියැදුරා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු සිට ඇති බවත් එම දෙදෙනාම මත්පැන් පානය කර අධික වේගයකින් ත්‍රිරෝද රථය පදවා ගෙන පැමිණ ඇති බවත් බීමත්කම නිසා එය පාලනය කර ගැනීමට නොහැකිව පොලිස් යතුරුපැදියේ හැපී අනතුර සිදු වී ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT