Home » රත්නපුර බසයේ දමා ගිය එක්ලක්ෂ අසූදහසක බෑගය යළි හිමිකරු අතටම

රත්නපුර බසයේ දමා ගිය එක්ලක්ෂ අසූදහසක බෑගය යළි හිමිකරු අතටම

රියදුරු හා කොන්දොස්තර 50,000 මුදල් තෑග්ගත් එපා කියති

by mahesh
September 27, 2023 1:00 am 0 comment

කොට්ටාව ප්‍රදීප් කුමාර

අවිස්සාවේල්ල-රත්නපුර පෞද්ගලික බස් රථයක අමතක වී ගිය බෑගයක තිබූ රුපියල් එක් ලක්ෂ අසූ දහසක මුදලක් සමඟ ලිපි ලේඛන තොගයක් එහි හිමිකරුට ලබාදීමට බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා කටයුතු කර කිරීමේ ආදර්ශමත් පුවතක් අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම් පොළෙන් වාර්තා වේ. NB – 2949 දරන මෙම බස් රථය ඉකුත් 26 දා උදෑසන අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පොළින් ගමන් ආරම්භ කොට රත්නපුර දක්වා යන අතරතුරදී එහි ගමන්ගත් මගියෙකුට අයත් බෑගයක් අමතක වී බැස ගොස් තිබුණි. පසුව එය දුටු තවත් මගියෙකු අසුනේ තිබූ බෑගය බස් රථයේ කොන්දොස්තරවරයාට ලබා දී තිබූ අතර ඒ බව අවිස්සාවේල්ල ප්‍රධාන බස් නැවතුම්පළ ස්ථාන භාර නිලධාරී දමිත් ප්‍රසන්න මහතාව දැනුවත් කිරීමට බස් රථයේ රියැදුරු කටයුතු කර තිබේ. ඉන් මද වේලාවකට පසුව අත්බෑගයේ හිමිකරු අවිස්සාවේල්ල බස් නැවතුම්පළට පැමිණ ඒ බව ස්ථාන භාර නිලධාරියාට දැනුවත් කිරීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ දමිත් ප්‍රසන්න මහතා රත්නපුරය දක්වා ධාවනය වන ඊළඟ බස් රථයේ බෑගයේ හිමිකරු යවා මුදල් පසුම්බිය ලබා දීමට කටයුතු කර තිබේ. ඒ අනුව අත්බෑගයේ හිමිකරු රත්නපුර බස් නැවතුම්පොළට ගොස් අමතක වී ගිය රුපියල් 180,000 මුදලක්, බැංකු පොත් තුනක්, ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන රැසක් සහිත අත්බෑගය ලබාගෙන තිබේ. පසුව එම මුදලින් රුපියල් 50.000 මුදලක් (රියදුරු) තිසර ඉද්දමල්ගොඩ හා (කොන්දොස්තර) ළහිරු මධුශංක දෙදෙනාට සතුටින් ලබාදීමට පියවර ගත්තද එම මුදල ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට බස් රථයේ රියදුරු හා කොන්දොස්තරවරයා කටයුතු කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT