Monday, April 21, 2025
Home » පිහියකින් ඇන බිරිය මැරූ සැමියා ‍පෝරකයට

පිහියකින් ඇන බිරිය මැරූ සැමියා ‍පෝරකයට

by mahesh
September 27, 2023 1:00 am 0 comment

වනාතවිල්ලුව සමූහ කේ. ප්‍රියංකර කළුපහන පුත්තලම - හිරාන් ප්‍රියංකර

නවගත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මුල්ලේගම ප්‍රදේශයේදී සැමියා විසින් බිරියව අමානුෂීය ලෙස පිහියකින් ඇන ඝාතනය කිරීමේ වරදට මහේස්ත්‍රාත් අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කෙරිණි.

ඉකුත් 2015.07.22 දින පන්සල පාර, මුල්ලේගම, නවගත්තේගම ලිපිනයේ පදිංචි 27 හැවිරිදි මෙරගල් පේඩි දුරයාලාගේ තුෂාරි කාංචනා වීරසිංහ යන අයට ඇගේ ස්වාමපුරුෂයා වන පන්සල පාර, මුල්ලේගම, නවගත්තේගම ලිපිනයේ පදිංචි 33 හැවිරිදි මාන්නප්පෙරුම මුදියන්සේලාගේ සුසිල් බණ්ඩාර නොහොත් ගාමිණි යන අය විසින් එදින නිවසේ දි පිහියෙන් ඇන මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බවට පන්සල පාර, මුල්ලේගම, නවගත්තේගම ලිපිනයේ පදිංචි මාන්නප්පෙරුම මුදියන්සේලාගේ අයිරාංගනි බණ්ඩාර මැණිකේ (සැකකරුගේ සහෝදරිය) යන අය විසින් පැමිණිල්ලක් කර තිබුණි.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරු 2015.07.23 වන දින අත්අඩංගුවට ගෙන ආණමඩුව ම/උ 05067 යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නීතිපතිතුමාගේ උපදෙස් පරිදි සැකකරුට විරුද්ධව 2019.07.24 වන දින පුත්තලම මහාධිකරණ නඩු අංක H.C. 90/2019 යටතේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ වරදට අධිචෝදනා ගොනු කර දීර්ඝ නඩු විභාගයක් පවත්වා ඇත.

මෙම නඩුවේ නඩු විභාගය අවසන් කර 2023.09.25 වන දින ගරු මහාධිකරණය මඟින් චුදිතට විරුද්ධව පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇති ල.ද.නි.ස 296 වගන්තිය යටතේ වූ වරද සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට තීරණය කර චුදිතට මරණ දඩුවම නියම කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT