Home » ආරක්ෂක නිලධාරිනියගේ ගෙල බැඳි රන් මාලය පිහියක් පෙන්නා කොල්ලකාලා

ආරක්ෂක නිලධාරිනියගේ ගෙල බැඳි රන් මාලය පිහියක් පෙන්නා කොල්ලකාලා

by mahesh
September 27, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

හොරණ වවුලුගල මාර්ගයේ පාගමනින් යමින් සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරිනියකගේ ගෙල බැඳි රන් මාලය ඇතුළු රුපියල් ලක්ෂ දෙකක පමණ දේපොළ යතුරුපැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර කොල්ලකා පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

සොරාගෙන ගිය දේපොළ අතර, පවුමක් බර රන් මාලයක්, ජංගම දුරකතනය, රුපියල් 2000ක් තිබූ අත් බෑගය ද කොල්ලකා ඇතැයි පොලිසිය පවසයි.

කොල්ලකරුවෙකුගේ අතේ තිබූ පිහිය වැදීමෙන් ආරක්ෂක නිලධාරිනියගේ වම් අතේ මැණික් කටුව අසල තුවාල සිදුවී ඇති අතර, ඇය එම අවස්ථාවේ බිම වැටීම හේතුවෙන් ව්ම් පාදයේ දණහිසට පහළින් ද තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවසයි. කිරිඇල්ල ඉඩංගොඩ ප්‍රදේශයේ පදිංචි ඇය සුපුරුදු ලෙස බස් රථයෙන් පැමිණ හොරණ බස් ඩිපෝව අසලින් බැස වවුලුගල මාර්ගයේ රැකියාව කරන ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත පාගමනින් යමින් සිටියදී ඇය ඉදිරිපිටට පැමිණ තිබූ දෙදෙනෙකු රැගත් යතුරුපැදිය ඇය අසල නවතා අයකු බැස ඇය අසලට පැමිණ මෙම කොල්ලය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT