රජය සමාජ මාධ්‍ය අවහිර කළොත් නැවත අරගල කරන බව කියමින්, මීට පෙර අරගල භූමියට ගොස් පහර කෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහිළුකාරයෙක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (26) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් රංගේ බණ්ඩාර මහතා මෙසේ ද කීය.
සමාජ මාධ්‍ය අවහිරතා කරන කතාව අද ඊයේ එකක් නෙමේ. මෙය මහජන ආරක්ෂක අමාත්‍යාංශය කලින් සිටම පැවසූ දෙයක්. සමාජ මාධ්‍ය මඟින් විවිධ පුද්ගලයන්ට චෝදනා කරමින් අපහාස කරමින් මඩ ගැසීම් සිදු වන කාරණය මීට පෙරත් සාකච්ඡාවට බඳුන් වෙලා තිබුණා. සමහරු ඒ පීඩනය දරාගන්න බැරුව සියදිවි හානි කර ගත්තා. ඒ නිසා මේ කාර්ය වෙනුවෙන් යම් පාලනයක් ක්‍රියාත්මක කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් කතා කිරීමේ නිදහස ලබා දුන්නා වගේම කතා කිරීමේ නිදහස යම් සීමාවන්ට යටත් කර තිබෙනවා. ඒ නිසා මේ නියාමනය සිදු කළ යුතුයි. මේ නියාමනය එපා කියමින් සජිත් ප්‍රේමදාස මහත්මයා විහිළුකාරයෙක් වෙලා. අරගලයට ගිහින් ගුටිකාලා ආපු කෙනාට මොන අරගල ගැන කතා ද? විකාර කතා කියලා මිනිස්සු හිනස්සන්න ඔහු හරිම දක්ෂයි. ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත් වෙන්න නැති හින්දා මේ රට පාලනය කරන්න නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. ජනතා හිතකාමී පාලනයක් ගෙනියන්න උදව් කරනවා නම් බොහොම හොඳයි.