Home » අධ්‍යාපන කළමනාකරණ සේවයක් ස්ථාපිත කරයි

අධ්‍යාපන කළමනාකරණ සේවයක් ස්ථාපිත කරයි

by mahesh
September 27, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවයක් ස්ථාපිත කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසුවේය.

දැනට පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් අතරින් තෝරාගනු ලබන පිරිසකගෙන් සමන්විත වන නව සේවා ව්‍යවස්ථාවකට අනුකූලව අධ්‍යාපන කළමනාකරණ සේවය ස්ථාපිත කර සෑම පාසලකටම අවශ්‍ය පරිදි එම උපාධිධාරී නිලධාරීන් යොදවා පාසල් කළමනාකරණය යථාවත් කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පළාත්, කලාප, කොට්ඨාස සහ පාසල් මට්ටමින් නම් කර ඇති දත්ත නිලධාරීන් සඳහා ජාතික මට්ටමින් පුහුණු අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් සකස් කළ දත්ත නිලධාරීන් පුහුණු කිරීමේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය පරිපාලන විධිවිධානවලට අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 335ට සමානුපාතිකව කොට්ඨාස මට්ටමින් මෙම නව සේවය ස්ථාපිත කිරීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයීය පරිපාලනයට ද අනුගතව පාසල් පෝෂණ වැඩසටහන්, එන්නත්කරණ වැඩසටහන් යනාදිය පහසුවෙන් සිදු කළ හැකි බව ද ඇමැතිවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT