Home » ජනපති අද ජර්මනියට

ජනපති අද ජර්මනියට

by mahesh
September 27, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගියේය.

බර්ලින් ග්ලෝබල් සමුළුව යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.

ජනාධිපතිවරයා එම සමුළුවේ පළමු දිනයේ නායකයන්ගේ සංවාද සැසියේදී දේශගුණික විපර්යාස සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ දේශනයක් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ අනෙකුත් දේශපාලන සහ ව්‍යාපාරික නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සමුළුවට ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සහ බෙල්ජියම් අගමැති ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ සහභාගි වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 01 වැනිදා යළි මෙරටට පැමිණීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT