ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ ඊයේ (26) පැවැත්වූ තීරණාත්මක සාකච්ඡාව ඉතා සාර්ථක වූ බව ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති ගිවිසුමට අනුව ගත් තීන්දු තීරණවල ප්‍රගතිය සම්බන්ධව ඔවුන් අද රටට දැනුම් දීමට නියමිතව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
ජාතික ආර්ථික හා භෞතික සැළසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යොමු කළ ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. මේ අනුව රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමට අනුව උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමත්, විදේශ සංචිත වැඩි කිරීමත් රාජ්‍ය බදු ආදායම වැඩි කර ගැනීමටත් අවශ්‍යයි.
පසුගිය සමයේ 95%ක්ව තිබූ ආහාර උද්ධමනය මේ වන විට -5%ක් දක්වා පහතට ගෙන ඒමට හැකි වී තිබෙනවා. උද්ධමනය 70% සිට 2.6%කටත්, ඩොලර් මිලියන 20ක් තිබූ විදෙස් සංචිතය ඩොලර් බිලියන 4 දක්වා වැඩි කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සම්බන්ධවයි. ඊට මූලික හේතුව රාජ්‍ය ආදායමෙන් 90%ක්ම බදු හරහා සපයා ගන්නා නිසයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1667ක්, ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් බිලියන 1217ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 217ක් වශයෙන් රුපියල් බිලියන 3101ක ආදායම් ඉලක්කයක් මේ වසර සඳහා රජය බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වන විට එකතුකර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 956ක්, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 578ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 109ක් වශයෙන් රුපියල් බිලියන 1643ක් පමණයි.
මේ වසර අවසාන වන විට මේ කටයුතු කර ඇති ආකාරයට, ලබාදී ඇති ඉලක්කයෙන් එකතු කර ගත හැකි බදු ආදායම රුපියල් බිලියන 2,380ක් පමණයි. මේ අනුව රුපියල් බිලියන 637ක හිඟයක් ඇති වෙනවා.
අප කාරක සභාව විසින් රජය බලාපොරොත්තු වන ඉලක්කයට යෑමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලුවා. එහිදී රජයට වැඩිම ආදායමක් ලබා දෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන කාරක සභාව හමුවට කැඳවනු ලැබුවා. එහිදී අනාවරණය වූ ආකාරයට 2022 වසරේ මේ ආයතන විසින් නිසියාකාරව අදාළ බදු මුදල් එකතු කර ගැනීමට සැලසුම් සකස් කළා නම් මේ ආදායම් ඉලක්කය සපුරා ගැනීමට හැකියාව තිබුණා.
පසුගිය වසරේදී (2022) මෙරට පෞද්ගලික බදු ලිපිගොනු සංඛ්‍යාව ලෙස දෙලක්ෂ අනූදෙදහසක් වාර්තා වී තිබෙනවා. මිලියන 22ක ජනගහනයක් සිටින රටේ බදු ලිපි ගොනු තිබෙන්නේ දෙලක්ෂ අනූදෙදහසක් පමණයි. ඒ අනුව මේ ලිපි ගොනුවලින් රුපියලක් හෝ බදු ගෙවා තිබෙන්නේ 10%ක් පමණයි. ඒ වගේම මෙරට සමාගම් එක්ලක්ෂ පන්දහසක් තිබෙනවා. එයින් බදු ගෙවනු ලබන්නේ සමාගම් 15%ක් පමණයි. රාජ්‍ය ආදායමෙන් 86%ක් එකතු වෙන්නේ සමාගම් 494කින් පමණයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2,500ක සේවකයන් පිරිසක් ඉන්නවා. රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතුයි. මේ ආයතනවල පවතින අක්‍රමිකතා මැඩපැවැත්වුවහොත් අපිට බිලියන 500කින් ආදායම වැඩි කර ගැනීමට හැකියාව තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව මගින් වසරකට රුපියල් බිලියන 360ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් වසරකට මිලියන 60ක් වශයෙන් රුපියල් බිලියන 500ක් පමණ අකාර්යක්ෂමතාව සහ අක්‍රමිකතා නිසා රජයට අහිමි වී තිබෙනවා. මෙම ආයතනවල ඇතැම් නිලධාරීන්ගේ ආකාර්යක්ෂමතාව නිසා ජනතාවගෙන් චෝදනා එල්ල වෙන්නේ දේශපාලනඥයන් වෙතයි. ඒ නිසා මේ ආයතනවල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කර නිසි වැඩපිළිවෙළක් සකස් කළහොත් රාජ්‍ය ආදායම වැඩි කර ගන්න හැකියාව තිබෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පමණක් බදු වශයෙන් රුපියල් බිලියන 904ක් අයවිය යුතුව තිබෙනවා. මෙරට දැන් පවතින ක්‍රමය අනුව යම් සමාගමකට රජයට බදු නොගෙවා අභියාචනා හතරක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. ඒසේ අවස්ථාව ලබා දී තිබෙන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව පමණයි. එම අභියාචනා 4 විභාග කිරීමට අවුරුදු 15ක් ගත වෙනවා. මේ නිසා රුපියල් බිලියන 904ක මුදල අය කර ගැනීම වසර 15ක් තිස්සේ පමා වෙමින් තිබෙනවා. ඒ නිසා මේ ආයතන අධීක්ෂණය කිරීමට සහ නියාමනය කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කළ යුතුයි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු කාරක සභාවක් වශයෙන් අප ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද වාර්තාවක් ලබා දී තිබෙනවා. බදු වැඩි කිරීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා අලුතින් බදු ලිපිගොනු ලක්ෂ 10ක් විවෘත කරන බවට. නමුත් මේ යන විදිහට අලුතින් විවෘත වෙන්නේ ලිපිගොනු දසදහසක් පමණයි.